ඔය සාමාණ්‍ය සුවඳ විලවුන් අතරේ ටිකක් විතර අසාමාණ්‍ය(මේවගේ දේවල් තවමත් අසානැති අයට සහ බාවිතා කර නොමැති අය සදහා) සුවඳ විලවුන් වර්ගත් තියෙනවා..මේ ගැන තමයි මම අද කියන්න යන්නේ..ඇත්තම කියනවානම් මම මේගැන දැනගත්තේ මේලඟදි ඉඳන්..සමහරවිට මේගැන ඔයාල අහලත් ඇති බාවිතා කරලත් ඇති. ඒතමයි මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් වර්ග.
ෆෙරෝමෝන කියන දේ කවුරුත් දන්නවනේ...! උසස්පෙළ ජීව විද්‍යාව හදාරපු අය නම් මේගැන හොදටම දන්නවා..සරලව කියනවානම් ෆෙරෝමෝනයක් කියන්නේ සතුන් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කරගන්න බාවිතා කරන ජෛයිව රසායනිකයක්..
මේ දේ අපි ජෛයිව පළිබෝධ නාශක ක්‍රමයක් විදියට කාලයක ඉදන් බාවිතා කරනවා..උදාහරන කීපයකුත් දෙනවනම්.
01. පොල්ගස් වල රතුකුරුමිණි පළිබෝධකයා මර්ධනයට
02. වී වගාවේ ගොයම් මැස්සා නම් පළිබෝධකයා මර්ධනයට(කෙම් ක්‍රමයකි)
අපි කවද්ද හිතුවෙ සතුන්ගෙ ෆෙරෝමෝන බාවිතා කරල එක එක දේවල් කරාට මිනිස් ෆෙරෝමෝන ලිංගික ආකර්ෂණය සඳහා යොදා ගනියි කියලා :O
ඉතින් මේ මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් හදන අය කියන විදියට මේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු..ඒ වගේම විවිද අවස්තා සදහාත් එකිනෙකට වෙනස් ෆෙරෝමෝන බාවිතා කරල හදපු සුවඳවිලවුන් තියෙනවලු..කොහොමද වැඩේ :D හැබැයි මම දන්නෙ නම් නෑ මේව ලංකාවෙ ගන්න තියෙනවද කියලනම්..හැබැයි ඕන කෙනෙක්ට EBay.com එකෙන් ගන්න පුලුවන්..
මෙන්න මේ වෙබ් අඩවියට ගියාම තවත් ගොඩක් විස්තර මේ ගැන දැනගන්න පුලුවන්..Go


No comments